Scalping trading

scalping trading ගැන සාමාන්්‍ය දැණුමක් මේ පොස්ට් එකෙන් ඔබට ලබාදෙන්න බලාපොරෙත්තු වෙනව කලින් පාඩමේ සදහන් කලා forex traders ල කොටස් හතරකට බෙදන්න පුළුවන් කියල මේ කොටස් හතරෙන් එක කොටසකට අයිති වන traders ල තමයි Scalping traders ල ආදුනික 95%ම trader ල බොහො විට forex trading වලදි මුලින්ම යොමු වෙන්නෙ මෙන්න මේ scalping trading වලටයි මේකට ප්‍රදානම හේතුව වෙන්නෙ නොයිවසිලි වන්තකම සහ වැඩි තන්හාව 50$ ආයොජනය කරල එක මාසෙන් ලක්ෂ ගනන් හොයන්න බලාපොරොත්තු වන traders ල අනිවාරයෙන්ම Scalping trading සදහා යොමු වෙනව අන්තිමට සල්ලිත් නැතිකරන් හුල්ල හූල්ල ඉන්නව Scalping trading කියන්නෙ ඉතා අඩු මුදලක් ආයෝජනය කරල ඉක්මනින් දියුනු වෙන්න පුළුවන් විදිහක් නමුත් හරියට ඉගෙන නොගෙන කරන්න බෑ දීර්ඝ කාලයක් Forex market එකේ ගණුදිනු කර බොහෝ අද්දැකිම් තියෙන්න ඕන කොහොම නමුත් ආදුනිකි Forex trader කෙනෙකුටනම් මම Scalping trading අනුමත කරන්නෙ නැහැ හරි අපි බලමු Scalping trading කියන්නෙ මොකක්ද කියල දල අදහසක් ගන්න

මෙම trading ක්‍රමය භාවිතා  කරන traders ල  භාවතා කරන time frame වෙන්නෙ 1m,5m  මාකට් එක ඇනලයිස් කරගැනීම සදහා මීට වඩා ලොකු ටයිම් ‍ප්‍රේම් භාවිතා කරනව ප්‍රදාන වශයෙන් 1m,5m යන ටයිම් ‍ප්‍රේම් එක තමයි භාවිතා කරන්නෙ ඔබට Scalping trading ඩෙමො ගිණුමකින් හොදින් පුහුණු වී ගණුදිනු කරන්න පුළුවන් Scalping trading කරනවනම් මාකට් එක ඇනලයිස් කිරීම අනිවාරයයි ඊට අමතරව News බලන්න ඕන economic calendar එකේ data release වන වේලාවන් පිලිබද හොද අවදානයෙන් ඉන්න ඕන (Forex news සහ economic calendar එක මෙතනින් බලන්න ) Scalping traders ල එක් ඕඩර් එකක් මගින් අපේක්ෂා කරන ලාබය වන්නෙ පිප් 1 සිට 10 දක්වා වූ ලාබයක්  එක් ඕඩර් එකක් තත්පර කිහිපයක් හෝ විනාඩි කිහිපයක් පමණයි තියාගන්නෙ මෙම traders ල දිනකට ඕඩර් කිහිපයක් දැමීම මගිනුයි ලාබ උපයනු ලබන්නෙ Scalping trading සදහා මාකට් එක සක්‍රීය වෙලාවන් තොරාගත යුතුයි  පහත රුපයේ රවුම් කර පෙන්වා තිබෙනුයේ එවන් අවස්ථාවකි

හොදම අවස්ථාව එලබෙන තුරු trade නොකල යුතුයි එහෙනම් ඊලග ලිපියෙන් බලමු Day Traders පිලිබදව

0 comments: