ජංගම දුරකථනය භාවිතා කර Forex market එකේ ගණුදිනු කිරීම







මං හිත්නේ මේ ලිපියත් ගොඩක් අයට ගොඩක් වැදගත් වෙයි. මොකද අද තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක හැමදේම ජංගම දුරකථන එහේමත් නැත්තං Mobile Device වලින් කර ගන්න පුලුවන් කම ලැබිලා තියෙනවා. අන්න ඒ හෙතුව හින්දා අපිට අපේ Forex Trading අපි එදිනෙදා භාවිතා කරන Mobile Phone , Tablet ඇතුලි උපාංග වලින් පවා භාවිතා කිරිමේ පහසුව දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලිපියෙන්  අද කියලා දෙන්න යන්නේ කොහෝමද මේ Mobile Device වලින් අපි මුල්‍ය වෙළද පොලේ ගනුදෙනු යොදන්නේ කියන කාරණය ගැන. 
මෙක සමහර අය දන්නවා ඒත් ගොඩක් අය අහපු නිසයි මේ විදියට දාන්න හිතුවේ. මොකද ඉතින් මෙකෙන් කරනන් පුරැදු වුනානමි ඔනෑම තැනක යන ගමන් වුනත් වෙළද පොළ තත්වය දැන ගන්න, නව ගනුදෙනු දැමීම ආදි දේවල් පහසුවෙන්ම කර ගන්න පුලුවන් කම තියෙන හින්දා. එහේම නැත්තං අපිට යන යන තැන පරිඝණකයක් ඇරන් යන්න වෙනවනේ මේ දේවල් කර ගන්න.

භාවිතා කරන්න පුලුවන් දුරකථන වර්ග . 

ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න පුලුවන්ද නැද්ද කියලා තිරණය වෙන්නේ ඔයා භාවිතා කරන ජංගම දුරතකණයේ තියෙන OS එකත් එක්ක. ඒ කියන්නේ මෙහෙයුමි පද්ධතිය(Operating System). දැන්නමි ඉතින් ගොඩත් Mobile Device එනේනේ Android , IOS (Apple) වලින්නේ. හරි මේ අනුව භාවිතා කරන්න පුලුවන් වර්ගයන් තමා මම පහතින් දාලා තියෙන්නේ. හොදට බලන්න. Windows Mobile වලට නමි බෑ හොදේ.
·         Android OS - Phone , Tablet (Samsung, Sony Xperia , Micromax , LG)
·         IOS - Apple Iphone , Ipad 
මෙන්න මේ මෙහෙයුමි පද්ධති භාවිතා කරන්න පුලුවන් ඔනෑම දුරකථනයක අපේ MT4 එක පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්. දැන් ඉතින් අහන්න එපා අර phone එකේ පුලුවන්ද , මේ කේ පුලුවන්ද කියලා. බලන්න OS එක මොකක්ද කියලා. ඉහත දාලා තියෙන එකක්නමි අනිවාර්යෙන් පුලුවන්. සාමාන්‍යෙයන් දැන් එන ගොඩක් දුරකථන Android එකක් තමයි එන්නේ. Samsung, Sony , Huawei , MicroMax , Motrola , LG , Lenovo , Zigo ආදි දුරතකණ නිපවදවන සමාගමි රැසක් දැන් භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ්. මෙම දුරකථන එක එක මිලගන්නවලට වෙළද පොලේ තියෙනවා. 

කොහෝමද MT4 Mobile device වලට දා ගන්නේ. 

දැන් ඉතින් මේක හරි අමාරැ දෙයක් නෙවෙයි. කරන්න තියෙන්නේ සුළු දෙයක්. තමන්ගේ දුරකථන වර්ගයෙන් එයට අදාල Application store එකට යන්න ඔනි. 

·         Android - google Play - Click here to go 
·         IOS - Itunes Store

කෙලින්ම දුරතකණයෙන්ම යනවනමි Google Play  , Apple Itune Store වලට ගිහිල්ලා Meta Trader 4 කියලා ගහලා Search කරත් එනවා. ඔය වගේ Application එකක් Android Phone , Apple Phone වලට දා ගන්න ගොඩක් අය දන්න හින්දා මම ආයේ අමුතුවෙන් ඔක install කරන හැටි පෙන්නන්නේ නැ. මොකද අනිත් ඇප්ස් ඩවුන්ලෝඩි කර ගන්නවා වගේම තමා මෙතක් දා ගන්නේ. හරි එහේනමි තමන්ගේ දුරතකනයෙන් මේක ඔනෑම අයෙකුම දැන් ලබා ගන්න පුලුවන්.  හොදට මතක තියා ගන්න ඔයා දා ගන්න ඔනි Meta Trader 4 මිසක් Meta Trader 5 එහේම නෙවෙයි. පහත පරිදි තමා මේ ඇප්ස් එක google Play market එකේ තියෙන්නේ. එක් භාගනෙ Install කර ගන්න. මෙතන ඉදලා මම මේ පිළිබදව ලියන්නේ Android Mobile එකක් උපකාරි කරගෙන. ඒ දිහා බලලා අනිත් ඒවයෙත් අදලා දේවල් කර ගන්න දැන් ඔයාලාට පුලුවන් වෙන්න ඔනි.


Meta Trader 4 Mobile App

දැන් තමන්ගේ ඇප්ස් එක ඔපන් කර ගන්න. ඊට පස්සේ එන්නේ ඔය මම පහතින් දාලා තියෙන්නේ ඒ ඇප්ස් එකට ලොගින් වෙන ස්ථානය. මොකද අපි මොකේ කරත් අනිවාර්යෙන් අපේ account එකට Login වෙන්න ඔනිමයි. එහේම නැතිව කරන්න බැ. Demo account හෝ Real Account හෝ වේවා ඔක්කෝම ලොගින් වෙන්න ඔනි ඔය පහත රෑපයේ තියෙන Login With Exiting Account කියන ස්ථානයෙන්. එහේම නැතිව ඔයාට ඔනිනමි Demo එකක් විවෘත කර ගන්න. මෙකේ තියෙන OPEN DEMO ACCOUNT කියන තැනින් එකක් විවෘත කර ගන්නත් පුලුවන්.


හරි දැන් Login With Exiting Account කියන ස්ථානය කලික් කරාට පස්සේ ඔයාට එන්නේ පහත ආතාරයේ එකක්. එතන අපේ Nord Company එකේ සේවර් එක හොයාගන්න අපිට ඒක ටයිප් කරන්න වෙනවා. ඔක්කෝම ඔනි නැ. මොකද මේ MT4 කියන එක ගොඩක් සාමාගමි භාවිතා කරන හින්දාත් අපි ගණුදෙනු කරන්නේ Nordfx එකක් හින්දත් අපිට යන්න වෙන්නේ අපේ සේවර් එක හරහා. ඉතින් ඒක හොයාගන්න පහත රෑපයේ මම දාලා තියෙන විදියට Type කරාම තියෙන සේවර් ටික පෙන්නවා. දැන් මෙකෙක් තමන්ගේ ගිණුමට අදලා සේවර් එක සොයා ගන්න. හරියට PC මෘදුකාංගයේන් ලොගින් වෙනවා වගේම තමා. මෙතන තොරලා දෙන්න ඔනි තමන්ගේ ගිණුමට අදලා සේවර් එක මිසක් වෙන ඒවා නෙවෙයි. තමන්ගේ ගිණුමට අදලා සේවර් එක ගිණුමි විස්තර ආපු ඉමලේ ලිපිනයේ ඇති. 


එහේම හරි සේවර් එක තොරලා දුන්නට පස්සේ එන්නේ තමන්ගේ ගිණුමි අංකය හා පාස්වර්ඩි එක ටයිප් කරන්න. එකත් වරද්දන්නේ නැතිව Capital , Simple අකුරැ හොදින් බලලා ටයිප් කරන්න ඔනි. එහේම නිවැරදිව දාලා Sign In වුනාට පස්සේ කෙලින්ම මෘදුකාංගයෙන් ලොගින් වෙනවා. ආයේ විවෘත කරන වාරයක් පාසා ලොගින් වෙන්න අවශ්‍යතාවයක් නැ. හරිම ලෙසි. හැබැයි ටිකක් කල්පනාවෙන් මෙකේ වැඩ කරන්න වෙනවා. මොකද දැන් ගොඩක් දුරකථන Touch System හින්දා අපි නොහිතන ඒවා එබිලා ගිණුම විනාශ වෙලා යන්නත් පුලුවන් හින්දා. ඒ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න.

දැන් අපි බලමු කොහෝමද MT4 Mobile Apps එක පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විදයට හදා ගන්නේ කියලා. මොකද PC එකදෙි වගේම මෙකෙදිත් අපිට අවශ්‍ය කරන විස්තර විතරක් තියා ගත්තම හරි පහසුයි. හරි ලොගින් වුනාට පස්සේ ඔයාට එන්නේ පහත ආකාරයේන්


මෙක මුලින්ම විවෘත වුනාම ඉතින් අපිට කිසිසෙත් අවශ්‍ය නොවන මුදල් වර්ගත් තියෙයි. ඒවා ඉතින් අපිට කොහොමත් වැඩක් නැනේ. ඒක නිසා අවශ්‍ය ඒවා ඉතුරැ කරලා අනවශ්‍ය ඒවා අයින් කරලා . අවශ්‍ය ඒවා ඇඩි කර ගෙන මෙක මුලින්ම අපිට ඔනි විදියට හදා ගන්න ඔනි. ඒකට මෘදුකාංගය විවෘත වුනාට පස්සේ Phone එකේ Menu එක කිලික් කරාම එන ඔය උඩින් දාලා තියෙනවා වගේ ලිස්ටි එකේ " SYMBOLS " කියන එකට යන්න. ඊට පස්සේ එන්නේ පහත ආකාරයේ එකක්. 




දැන් මෙතනට ආවට පස්සේ අපි සාමාන්‍යෙන් වැඩ කරන්නේ EUR/USD , GBP/USD එකක විතරක් හින්දා අනිත් ඒවා අපිට වැඩක් නැ. ඒවා අයින් කර ගන්න උඩ තියෙන් DELETE Icon එක කිලික් කරලා අනවශ්‍ය ඒවා සියල්ලම අයින් කර ගන්න. ඊට පස්සේ අලුතින් අපිට GBP/USD  ඇඩි කරගන්න උඩ තියෙන් + මාර්ක් එක කිලික් කරලා එකේ Micro 3 කියන Folder එකේ ඇති. ඒක කිල්ක් කරලා ස්වංක්‍රිවයම ලිස්ටි එකට එනවා. දැන් ඒ වැඩේ හරි අපහු මුලට එන්න. 
 

දැන් ඉතින් හරි ලෙසියි. මම වැඩිය ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැ. මොකද සාමාන්‍ය දැනීමක් තියෙන ඔනිම කෙනෙකුට මෙක දැක්ක ගමන් වටහා ගන්න පුලුවන් හින්දා. අතශවශ්‍ය දේවල් ටික පමණක් මම කියලා දෙන්නමි. මේ ඇප්ස් එකෙදි අපේ ඔක්කේම වැඩ ටික සිද්ධ වෙන්නේ ඔය උඩ දාලා තියෙන් පින්තුරයේ උඩින් තියෙනවා වගේ Quotes , chart , Trade , History කියන TAB 4 න් තමා. ඒ එක එක ටැබි එකට ගියාම අපට කර ගන්න අවශ්‍ය වෙන දේවල් දාලා තියෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි හිටියේ Quotes කියන එකේ. ඒක අපේ වැඩේ කර ගත්තනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ Chart කියන එකට.  මෙකෙත් ඉගෙන ගන්න කියලා මහ ලොකු දෙයක් නැ. හරිම සරල දේවල් ටිකක් තමා තියෙන්නේ. මම ඉක්මනින් ඒ ටික පැහැදිලි කරලා දෙන්නමි. දැන් ඔය උඩින් දාලා තියෙන පින්තුරයේ යටම තියෙන ටික තමා මෙ ටැබි එකේ කරන්න පුලුවන් රාජකාරි ටික. එකේ යටම මුලින්ම තියෙන + මාර්ක් එකෙන් ඔයාට පුලුවන් Chart එකේ ඔනෑම ස්ථානයකට පොයින්ට එකක් සකසලා හරියම මිල ගණන් දැන ගන්න. ඒ වගේම $ මාර්ක් එක තියන තැනින් පුලුවන් අපි දැනට ඇරගෙන තියෙන Quotes වලට ආදාල Chart එක බලා ගන්න , මාරැ කරන්න. ඊළගට තියෙන ඔරලෝසුවක් විදියට තියෙන අයිකන් එකෙන් අපිට පුුලුවන් Chart එකේ වෙලාව වෙසන් කර ගන්න. හරියට M5 , M15 ආදි විදියට. ඊලගට එනේනේ ඉන්ඩිකේටර් එක. මෙකටමනි අපි දීලා තියෙන ඒවා දාන්න බැ. මෙකේ දීලා තියෙන ඒවා විතරයි භාවිතා කරන්න පුලුවන්. 














ඊළගට එන Document Icon එක කිලික් කරාම කෙලින්ම ඔයාට අවශ්‍ය Trade එකක් විවෘත කර ගන්න පුලුවන්. හැබැයි මෙතනදි හොදට බලන්න. LOT SIZE  එක මතක ඇතුව වෙනස් කර ගන්න. මොකද මුලින්ම විවෘත කරාම සාමාන්‍යෙන් වැටෙන්නේ 0.1 , 0.2 වගේ එ්වා. ඒවා අපේ ගිණුමි වලට ලොකු වැඩි හින්දා මතක ඇතිව ඒවා වෙනස් කර ගන්න. හරි දැන් ඉතින් මෙතනින් ගනුදෙනු දාන්න තියෙන විදිය අපි සාමාන්‍යෙයන් පරිඝණකයෙන් කරා වගේම දමා. මහ ලොකු වෙනසක් නැ. (ඉහත ඡායාරෑප දෙක බලන්න)

දැන් යන්න Trade කියන ටැබි එකට. එකේ මේ වනකොට අපේ ගිණුමේ සාරාංශයක් වගේම ගණුදෙනු දාපුවම ඒවා පෙන්වන්නෙත් මෙතනමා තමා. ඒවා Close කර ගන්න එවා පවා කරගන්නේ මෙතන. ගණුදෙනුවක් දාලා ඒක අපිට Close කර ගන්න අවශ්‍යනමි ඒක උඩ Touch කර ගෙන ඉදලා close කරලා දාන්න අපිට පුලුවන්. 

ඊළගට තියෙන්නේ History කියන එක. මෙකේ ලොකු දෙයක් නැ. තියෙන්නේ අපි ගණුදෙනු කරපු ගණුදනෙු වල පසුගිය දත්ත. 

ඔන්න ඔය ටික තමා Meta Trader 4 Mobile Apps එකෙන් වෙන්නේ. පොඩිඩක් හුරැ වුනාම හරිම පහසුයි. හැබැයි හොදට මතක තියා ගන්න. Mobile Apps එකෙන් ගණුදෙනු කරන්න කලින් හොදට පරිඝණකයේ මෘදුකංගයෙන් පුරැදු පුහුණු වෙලා ඉන්න. 

0 comments: