Forex trader කෙනෙක් අනිවාරයෙන් දැනගෙන සිටිය යුතු වැදගත් කරුනු ටිකක්


ඔබට දැන්  Buy Trade open කරන්න Sell Trade open කරන්න Take Profit ,Stop Lose  තියන්න පුලුවන් ඇතිඅපහසු අය ඉන්නවනම් නැවත මතක් කරගෙන්ම මේ පාඩම කියවන්න
Forex වලදී අපිට ඉතාම වැදගත් දෙයක් තමයි Lot size/Volume  කියලා කියන්නේ. අපි දන්නවා බර කිරන්නේ Kg ,g වලින්. දුර මනින්නේ Km ,m , cm  වලින් එය සම්මතයක්.ද්‍රව මනින්නේ l ,ml වලි න් .ඒ වගේම තමයි Forex  වලත් යම් යම් සම්මත ඒකක තියනවා.
අපි  Forex කරන විට යම් කිසි මුදල් ඒකක ප්‍රමාණයක් මිළට ගන්න ඔනි වෙනවා. ඒ සදහා අපිට Lot යන සම්මත ඒකකය ඉදිරිපත් කරලා තියන්වා
Lot වර්ග කිපයක්ම තියනවා හරියට Km,m, cm,mm   වගේ. ඒවා තමයි තව nano Lot , Micro Lot , mini Lot හරි මේ ටික බලන්නකෝ

මෙයින් සම්මත ඒකකය වන්නේ Standard Lot  කියන එකයි එයට ඒකක 100,000 ඇත්ලත් වෙනවා. ඉතින් අපි  Trade එකක දාන්නනම් මෙම Lot එකක් ගන්න වෙනවා.
හරියට අපිට බත් කන්න ඔනිනම් අපි හාල් යම්කිසි කිලෝ ප්‍රමාණයක්මිළට ගන්න ඔනි.ඒ වගේම තමයි Trade කරන්න ඔනිනම් අපි Lot  එකක්‍ ගන්න වෙනවා.
හරි දැන් අපි බලමු මෙම  Lot එකක්‍ ගන්න අපිට කියක් වැය වෙනවද කියලා.
දැන් මෙම මොහොතේ හිතන්න EUR/USD කියන අගය 1.3000 අගයේ තියෙන්නේ කියලා.
එතකොට අපිට
 Lot එකක් ගන්න කොපමණ මුදලක් වැය වෙනවද බලමු.

100,000 *1.3000 = 130000USD
අනෙ අම්මෝ Forex  කරන්න කොහෙන්ද අපිට මෙහෙම සල්ලියක් නේද?
ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඉස්සර Forex කියන්නේ ධන කුවේරයන්ට විතරක් කරන්න පුලුවන් උනේ, බය වෙන්න එපා දැන් අපිටත් ධන කුවේරයෙක් වගේ වැඩේට අත ගහන්න පුලුවන්.
ඒ සදහා Leverage කියන මැජික් එක එහෙමත් නැත්නම් මහා වාසිය අපිට උදව් වෙනවා.මෙහෙම දෙයක් නොතිබෙන්න  අපි Forex කරනවා බොරු.

බලමු මේ Leverage එකෙන් මොනාද සිද්ද වෙන්නේ කියලා
හිතන්න දැන් මිළ EUR/USD 1.3000
හරි අපි බලමු දැන් අපිට EUR/USD Lot  එකක් ගන්න කොපමාණ මුදලක් වැය වෙනවද කියලා.
100,000 *1.3000 = 130, 000USD
මෙච්චර ගාණනක් අපිට වැය කරන්න බෑනේ. ඔබට මතක ද Real account එකක් Open කිරිමෙදි තියනවා Leverage කියලා එකක්.Leverage කියන්නේ Lot තමයි.
හරි එහෙමනම් ඔබට මතක ඇති අපි යොදා ගත් අගය එය 1:200, තව 1:100,1:400 1:500 වගේ අගයනුත් තියනවා.නමුත් ආරක්ෂාකාරි අගයක් ලෙස 1:500 අගය තමයි .හොදම අගය වෙන්නේ. හරි අපි බලමු Leverage මගින් අපිට වාසිය අත් වන අන්දම.

1.3000*100,000 =130,000 USD
Leverage කළ විට (1:200)
130,000 / 200 =650 USD


Leverage කළ විට අපිට EUR/USD  , Lot එකක්  මිලට ගන්න 650 USDවැයවෙනවා  

Leverage කලත් අපිට Lot  එකක් ගන්න බැ වගේ නෙද ? ඇයි $650ක් යනවනේ Lot එකක් ගන්න. බය වෙන්න එපා ඒකටත් විසදුමක් තියනවා.
Lot  එකක් ගන්න ඔනි නෑ.
Trade  එකක් Open  කරදි තියෙන්නේ Volume  0.01,0.02,0.03 ආදී වශයෙන් .නමුත් Demo account වලදි මෙම අවම අගය 0.1 වෙනවා.බලන්න ඒක ඇත්ත්ද කියලා.
Real Account වලදී තම්යි අවම අගය 0.01 වෙන්නේ ඒ කියන්නේ අපිට මෙහිදි ගන්න පුලුවන අවම ප්‍රමාණය Lot එකෙන් 100න් පන්ගුවක් වන බවයි .
අපිට පුලුවන් අවමය 0.01 Lot  ප්‍රමාණයක් ගන්න
ඉතින් ඔන්න දැන් අපි මුල ඉදන්ම බලමු අපිට Trade එකක් දාන්න කොපමණ මුදලක් වැයවෙනවද කියලා
1.3000*100,000=130,000USD  ( Lot එකක මිල කල  Leverage  කිරීමට පෙර)
Leverage කළ විට (1:200)
130,000 / 200 = 650 USD   ( Lot එකක මිල කල  Leverage  පසු)
අපි Lot එකකින සීයෙන් පන්ගුවක්( 0.01) ගන්න නිසා ඒ සදහා වැය වන මිළ
650/100=6.5USD

ඔන්න ඒ කියන්නේ අපිට Volume  0.01 යටතේ   Trade එකක දාන්න වැය වන්නේ 6.5 USD වැනි සුලු මුදලක්.
ඉතින් ඔබට පෙනෙනවා නේද දැන් 100USD  වගේ  මුදලකින් අපි කොහොමද Forex  වල Trade කරන්නේ කියලා.
Leverage  කියන දෙයින් හරියටම වෙන්නේඅපි විසින් යොදනු ලබන සෑම ඩොල්ර් එකකටම තවත් ඩොලර් 199ක් nord fxආයතනය මගින් ආයෝජනය කර ඒය 200ක් බවට පත් කිරිමයි.
 
දැන් ඔබගේ අවධානය පහත  රූපය වෙත යොමු කරන්න අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න
 


ඔබට පෙනෙනවා එහි පහතම තීරුවෙහි යම් කිසි වචන ටිකක් ඉලක්කම් සමගම.
ඔය ටික අපිට ඉතාම වැදගත්. ඔතනින් තමයි අපිට අපේ ගනු දෙනු වල විස්තරය  බලා ගන්න තියන තැන.

ඉතින් ගනු දෙනු විස්තරය අවබෝධ කර ගන්න ඔය වචන වල තෙරුම ඔබ හොදින් දැන ගෙන ඉන්න ඕනි.
නිරවුල් මනසකින් මේ ටික බලලා මතකයට දාගන්න.
හරි බලමු තියන ව්චන හා ඒවායේ තෙරුම්.
1.Balance  =   පවතින ශේෂය.
2. Margin =  මේ තම්යි අපි ගනන් හදලා බැලුවේ අපිට Trade එකක් යොදන්න කොපමණ මුදලක් අව්ශය වෙනවද               කියලා .මෙතනින් ඔබට පෙන්නෙනවා. ඇති Buy Order  හෝ Sell Order  සදහා වැය වී ඇති මුදල.මෙම මුදල අපි Trade එක Close  කරපු ගමන් අපේ  Balance එකට එකතු වෙනවා. ඒයත් ලොකු වාසියක්.
3. Equity = Balance එකෙන් ලාභය හෝ අලාභය අඩු කළවිට ලැබෙන අගය.(Equity=Balance+Or-Profit)
4.Free Margin =  Trade දැමිමෙන් පසු පවතින නිදහස් ශේෂය.
උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.
දැන් අපි හිතමු ඔබ $100 යොදවලා තියනවා කියලා.අපි දැන් බලමු ඉහත සදහන් අගයන් Trade  එකක් යෙදු පසු වෙනස් වන අන්දම
EUR/USD 1.3000 Buy Order  යෙදීමට වැය වන මුදල  හොයමු.

ගිණුමේ තිබෙන මුදල් ප්‍රමානය 100$
EUR/USD 1.3000 Buy Order  යෙදීමට අවශය මුදල.

EUR/USD =1.3000
1.3000*100000 =130000
1:200
130000/200 =650
650/100    =6.5 USD (0.01 LOT)


  එම නිසා Margine = 6.5 USD
 
 Balance 100
යොදපු Buy Trade  එකෙන් අපිට $1 ලාභයක් ඇවිත් තියනවා ඒවිට Equity එක කියද බලමු.
Balance + Profit= $100+$1 = $101
Equity =101( එකෙන් ලාභය හෝ අලාභය අඩු කළවිට ලැබෙන අගය.(Equity=Balance+Or-Profit)